Tubesixlive

Free sinhala MP3 Full Albums Free Download

MOST RECENT

Hindi Movie

Powered by Blogger.


නියඳවිල ගම්මානයේ පාසලට තරුණ සංගීත ගුරුවරයෙක්‌ වූ ලාලිත්‍ය කොළඹ සිට පැමිණෙයි. ගමේ රදළ ධනපතියෙක්‌ වූ දිසාසේකර ලාලිත්‍යගේ පැමිණීම ගැන දක්‌වන්නේ අකමැත්තකි. ඒ වෙන හේතුවක්‌ නිසා නම් නොවේ නියඳවිල ගමේ අහිංසකයන්ගේ දරුවන් ඉගෙනගෙන සමාජයේ ඉහළට යන හේතුවෙනි. මේ රදළ ධනපති දිසාසේකරට පහන් නමින් කඩවසම් ඉලන්දාරි පුතෙක්‌ සිටී. පහන් ආගම දහමට ලැදි අහිංසක තරුණයෙකි. පහන් ගමට ආපු ලාලිත්‍ය ගුරුවරයා සමග මිතුරුවෙයි.

පහන්ට විවාහය සඳහා යෝජනා වී සිටින්නේ සේපාලිකාය. ඇය ගමේ නිළමේගේ සහ මැණිකේගේ එකම දියණියයි. සේපාලිකාද ගුරුවරියකි. ඇය උගන්වනු ලබන්නේද නියඳවිල පාසලේමය. සේපාලිකාගේ ළඟම සහ එකම මිතුරිය පබාය.

ගමට ආපු ලාලිත්‍ය ගුරු නිවාසය හදාදෙන තෙක්‌ විදුහල්පතිගේ නිවසේ ලැගුම් ගනී. විදුහල්පති සහ හාමිනේ පාළුවෙන් ජීවිතය ගෙවන්නේ ඔවුන්ගේ එකම පුත්‍රයා හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය බැවිනි. ලාලිත්‍යගේ පැමිණීම ගැන ඔවුන් දෙදෙනාම සතුටුවෙයි. මේ අතර පහන් ගුරු නිවාසය පිළිසකර කර දීම නිසා ලාලිත්‍යයට විදුහලේ වැඩ භාරගැනීමට හැකිවිය. වැඩ භාරගත් දිනයේ සිටම ලාලිත්‍යගේ සිත සැමවිටම රූබර සේපාලිකා වෙත ඇදීයයි.

ඉන්පසු සේපාලිකා කුමන තීරණයක්‌ ගනීද?

නැතිනම් ලාලිත්‍ය සේපාලිකාට ආදරය කරාවිද?

ස්‌වභාව සෞන්දර්ය උතුරා යන සොඳුරු ගම්පියසක පාසල මුල්කරගෙන විවිධ හැලහැප්පීම් ඔස්‌සේ ලාලිත්‍යගේත්a, සේපාලිකාගේත් ප්‍රේමය දළුලා වැඩෙන අයුරු සොඳුරු රූප රාමු ඔස්‌සේ ප්‍රේක්‍ෂක නෙතු අග මැවේ.

සසර බැඳි බැමි, අළුපාට හීන, පරම්පරා ටෙලි සිත්තම් කැමරා අධ්‍යක්‍ෂණයෙන් දායක වූ ජනක චමින්ද අත්තනායක මෙහි කැමරාකරණයෙන් සහ අධ්‍යක්‍ෂණයෙන් දායක වේ. රංජිත් ප්‍රේමලාල් නිෂ්පාදනයෙන් දායක වන සේපාලිකාගේ ටෙලි සිත්තමේ තිර රචනය සනත් සමරනායක විසිනි. කපිල සමරකෝන් සහාය අධ්‍යක්‍ෂණයෙන්ද අසුන් මල්වත්ත සංස්‌කරණයෙන් ද සේපාලිකාට එක්‌වේ.

සුරාඡ් මාපා ලාලිත්‍ය ලෙසද චතුරිකා පීරිස්‌ සේපාලිකා ලෙසද රඟ දක්‌වන සේපාලිකා ටෙලි සිත්තමට ගයාන් වික්‍රමතිලක, නිරෝෂා තලගල, පියුමි පුරසිංහ, සුමින්ද සිරිසේන, අනුලා කරුණාතිලක, ලයනල් වික්‍රමගේ ඇතුළු නළු නිළියන් රැසක්‌ රංගනයෙන් දායක වේ.

ඒකාකාරීත්වයෙන් මිදුනු නැවුම් කතා තේමාවක්‌ ප්‍රේක්‍ෂක මනසට අපූරු ජීවන දර්ශනයකින් යුතුව එක්‌ කරන මේ සොඳුරු නිර්මාණය රසික හදවතට නැවුම් රසයක්‌ ගෙන එනු නොඅනුමානය.
Read More »







Read More »















Photographer By Raffealla Fernando
www.raffeallafernando.com Raffealla Fernando +94 771010973
Read More »